සමන් රත්නායක අධිකරණයට

සමන් රත්නායක අධිකරණයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාව මේ වනවිට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහසිගත ප්‍රකාශයක් කිරීම සඳහා සූදානම් බව අධිකරණය හමුවේ පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව ඉකුත් 04 වනදා මහෙස්ත්‍රාත් නිල මැදිරියේ දී පැය බාගයක පමණ කාලයක් ඔහු ප්‍රකාශයක් ලබා දී ඇති බවට වාර්තා වේ.