සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17කගෙන් සමන්විත සංචිතය නම්කර තිබේ.

සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර අවසන් සංචිතය සඳහා නම්කර නොමැති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (03) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග සඳහන් කළේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 06 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

දෙවැනි තරගය ජනවාරි 08 වැනිදාත් තුන්වැනි තරගය ජනවාරි 11 වැනිදාත් පැවැත්වෙනු ඇති.

ඒ අනුව, එම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් වන්නේ,

පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස් (නායක)
සධීර සමරවික්‍රම
චරිත් අසලංක
සහන් ආරච්චිගේ
දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
ජෙෆ්රි වැන්ඩර්සේ
දුෂ්මන්ත චමීර
ප්‍රමෝද් මධුෂාන්
ඩිල්ෂාන් මධුශංක
නුවනිඳු ප්‍රනාන්දු
ජනිත් ලියනගේ
මහේෂ් තීක්ෂණ
අකිල ධනංජය 

මීට අමතරව එම සංචිතය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද නම්කර ඇති අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තරග සඳහා ක්‍රීඩා කිරීම තීරණය කරන බවයි, තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.