ආණ්ඩුව හිතාගෙන ඉන්නවා මිනිස්සුන්ට තග දාලා රට පාලනය කරන්න පුලුවන් කියලා – එස්.එම්. මරික්කාර්

ආණ්ඩුව හිතාගෙන ඉන්නවා මිනිස්සුන්ට තග දාලා රට පාලනය කරන්න පුලුවන් කියලා – එස්.එම්. මරික්කාර්

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා චණ්ඩිකමින් ආණ්ඩු කිරීමට සූදානම් වන බවත්, ජනාධිපතිවරයාට අවම තරමින් පාර්ලිමේන්තු ඡන්දයවත් දිනා පාර්ලිමේන්තුවට පැමිණීමට ‌නොහැකි වූ බවත් එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.

වර්තමාන රජය හිතාගෙන ඉන්නවා චණ්ඩිපාට් වලින් මිනිස්සුන්ට තග දාලා බය කරලා රට පාලනය කරන්න පුලුවන් මිනිස්සු බය වෙයි කියලා.

උදාහරණයක් විදියට ගත්තොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තග දානවා දේපළ පවරා ගන්නවා කියලා එහෙම කොහොමද කරන්නේ එතකොට කොහේද ප්‍රජාතන්ත්‍රවාදය විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සහ ගුරුවරුන්ගේ සේවයට ප්‍රශ්න පත්‍රය ඇගයීම අනිවාර්ය සේවාවක් බවට පත් කරලා ගැසට් එකක් ගහනවා නම් ඒක වෙනම කතාවක්.

හැබැයි දේපල පවර ගන්නවා කියලා තර්ජනය කරන්න බැහැ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැන මගේ පෞද්ගලික මතය විශ්වවිද්‍යාල ආචාර්යවරුත් ඉගෙන ගෙන තියෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය තුළින් ජනතාවගේ බදු මුදල්වලින් එහිදී ඔවුන්ටත් වගකීමක් තියෙනවා දරුවන්ගේ අනාගතය බිල්ලට නොගෙන ඉන්න.

ඒ වගේම ආණ්ඩුව හෙන ගහනවා වගේ බලෙන් බදු ගහලා වෘත්තිකයෝ රට අතහැරල යන්නේ නැතුව රටේ ඉතුරු වෙලා ඉන්න වෘත්තිකයන් ටත් ඔවුන්ගේ ජීවිතය කඩාකප්පල් වෙනකොට යම්කිසි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගන්න ඕන.

ඒකෙදි ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීලා කරන්න පුළුවන් විසඳුම් ටික ලබාදීලා ප්‍රශ්නය විසඳනවා විනා ඒ වෙනුවට ලබන සතියේ තීන්දුවක් ගන්න ඕනේ නැත්තම් හදිසි නීතිය යටතේ නීතියක් ගෙනල්ලා දේපල පවර ගන්නවා ඒ චණ්ඩි පාට් වලට ඉඩ දෙන්න බැහැ.

Share This