ඇගළුම් බස් රථ රියදුරෙකු කපා කොටා ඝාතනය කරලා

ඇගළුම් බස් රථ රියදුරෙකු කපා කොටා ඝාතනය කරලා

හංවැල්ල තුම්මෝදර මංසන්දිය ආසන්නයේදී ඇගළුම් බස් රථයක බස් රථ රියදුරකු අද (15) උදෑසන කපා කොටා ඝාතනය කර තිබියදී හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා බුදුන් වැදීමට මල්කඩීම පැමිණ මල් කඩමින් සිටි අවස්ථාවේදී පෙරවරු 5.55 ට පමණ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය කර ඇතැයි ද පොලිසිය පවසයි.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වග දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ධාවනය වන දුම්රියක නැගී පලා යන අවස්ථාවේදී මීගොඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලිසියට බාර දීමට කටයුතු කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියෙකි.

Share This