සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින ප්‍රකාශයට

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මාසයේ 02 සිට 12 දක්වා දිවයින පුරා පිහිටුවන පරීක්ෂණ මධ්‍යස්ථානවලදී පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

පෙර වර්ෂයේදී පැවති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයන්හි වෙනසක් නොවන අතර මෙවරත් එම ක්‍රමවේදයම අනුගමනය කරන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ .

පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී තැපැල් මගින් ලැබීමට සලස්වන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

Share This