රත්මලානේ වෙඩි තැබීමකින් මස් කඩේ කලුවා මරුට

රත්මලානේ වෙඩි තැබීමකින් මස් කඩේ කලුවා මරුට

රත්මලාන දුමිරියපල හන්දියේදී ඊයේ (21දා) රාත්‍රී 9.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රංගාර අනුර දේශප්‍රිය (39) හෙවත් වියැති ‘මස් කඩේ කලුවා’ යන නාමයෙන් හදුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ අයෙකු බව පොලීසිය කියයි.

වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ දෙපිරිසක් අතර මත ගැටුමක ප්‍රතිපලයක්ද යන්න පොලීසිය සැකකරයි.

වෙඩි තැබීම සිදුකල නාදුනන පුද්ගලයන් දෙදෙනා පැමිණි යතුරු පැදියෙන්ම පලාගොස් ඇති අතර අදාල පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිට තිබේ.

WhatsApp Image 2023 08 22 at 5.58.09 AM

WhatsApp Image 2023 08 22 at 5.58.08 AM 1

WhatsApp Image 2023 08 22 at 5.58.07 AM

Share This