පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් ආයුධ මුහුදේ ගිල්වයි

පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් ආයුධ මුහුදේ ගිල්වයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ කඩු 1000කට අධික ප්‍රමාණයක්, බෝම්බ කොටස්, උල්ආයුධ ඇතුලු අවි ආයුධ තොගයක් අධිකරණ නියෝග පරිදි ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබීය.

නාවික හමුදා රංගල කඳවුරේ සුරනිමල නෞකාවෙන් නාවික හමුදා නිලධාරින් ද සමග පිටත් වී ඇති අධිකරණ කාර්ය මණ්ඩලය මුහුදු සැතපුම් 1000ක් දුරින් සහ අඩි 1000ක් ගැඹුරින් මෙම ආයුධ තොගය ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කර ඇත.

ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නියෝග පරිදි අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසිංහ, අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය, නඩු භාණ්ඩ භාරකාරිණීය ඇතුළු අධිකරණ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව මෙම අවි ආයුධ තොගය ගිල්වා විනාශ කර තිබේ.

මෙලෙස විනාශ කරනු ලැබ තිබුණේ කඩු 1000ක්, කිනිසි, උල් ආයුධ, බොම්බ් කොටස්, තුවක්කු 08ක් සහ ගල් කටස් වර්ගයේ ගිනි අවි 10කි.