සේවකයන් නොමැතිව “සුවසැරිය” ගිලන් වෙලා

සේවකයන් නොමැතිව “සුවසැරිය” ගිලන් වෙලා

සේවක හිඟය හේතුවෙන් ‘1990’ සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යෑම අසීරු තත්වයකට පත්ව ඇතැයි එම ගිලන් රථ සේවයේ නිලධාරියෙක් පැවසීය.

මෙම තත්වය හේතුවෙන් කොළඹ ක්‍රියාත්මකව තිබූ ගිලන්න රථ 21 න් ගිලන් රථ 8 ක් පමණක් මේ වන විට සේවයේ යොදවා ඇති බව කී එම නිලධාරියා එහි සේවය කළ රියදුරන් සහ හෙදියන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්වීම මෙයට හේතුව බව සඳහන් කළේය.

සුවසැරිය ගිලන්රථ සේවයේ සේවය කළේ යන සේවා සහතිකයට විදේශ රටවල්වල හොඳ ඉල්ලුමක් පවතින බවත් ඒ හේතුවෙන් එම ගිලන් රථ සේවයේ සේවකයන් විදේශගත වීම ඉහළ ගොස් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය..

Share This