කාන්තා යට ඇඳුම් වලින් විනෝද වෙන ඊශ්‍රායල සොල්දාදුවෝ

කාන්තා යට ඇඳුම් වලින් විනෝද වෙන ඊශ්‍රායල සොල්දාදුවෝ

ඊශ්‍රායල සොල්දාදුවන් විසින් පලස්තීන නිවාස වලින් සොයාගත් කාන්තා යට ඇඳුම් සමඟ විනෝද වන ආකාරයෙන් ගනු ලැබූ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යයන් හි පළ කර තිබෙනවා.

ගාසා තීරයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් එහි සාගතයක් පවා නිර්මාණය වෙමින් පවතින පසුබිමක සිදුවන මෙවැනි සිදුවීම්, ඊශ්‍රායලය කෙරෙහි ලෝක ප්‍රජාවේ වන අප්‍රසාදය තීව්‍ර කරන්නක්.

සමාජ මාධ්‍යවල සංසරණය වන එම එක් වීඩියෝවක ඊශ්‍රායල සොල්දාදුවෙකු ගාසා තීරයේ නිවාස කාමරයක හාන්සි පුටුවක වාඩි වී සිනාසෙමින්,එක් අතකින් තුවක්කුවක් සහ සෝෆා මත වැතිර සිටින සොල්දාදුවෙකුට ඉහළින් යට ඇඳුමක් එල්ලා තබන ආකාරයක් දැක්වෙවෙන එම ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය නැරඹුම් වාර දස දහස ඉක්මවා ගොස් තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ එවැනි ඡායාරූප පළ කිරීම පලස්තීන කාන්තාවන්ට සහ සියලුම කාන්තාවන්ට අවමන් කිරීමක් බවයි.

රොයිටර් පුවත් සේවය මගින් සොල්දාදුවන් සමාජ මාධ්‍ය වෙත කල එවැනි පල කිරීම් අටක් සොයාගෙන තිබෙන බව වාර්තා කර තිබෙනවා.

ගාසා තීරයේ පවතින යුද්ධය සම්බන්ධව හමාස් සංවිධානයට සහ ඊශ්‍රායලය දෙකටම යුද අපරාධ චෝදනා එල්ල ව තිබෙනවා. මෑතක දී සිදුකල වාර්තාවක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් කියා සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය සිදුකල ප්‍රහාරයේදී ස්ත්‍රී දූෂණ ඇතුළු ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු වූ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බවයි.

ගාසා තීරයට ගෙන යන ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව ස්ත්‍රී දූෂණ, ලිංගික වධහිංසා, කුරිරු, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් ඇතුළු ලිංගික හිංසනයන් සිදු කර ඇති බවට පැහැදිලි සහ ඒත්තු ගැන්වෙන තොරතුරු ද හමු වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

පලස්තීනුවන්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ තොරතුරු ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද ලැබී තිබෙන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙන නමුත් දෙපාර්ශවයම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇතමෙක් අදහස් දක්වා ඇත්තේ යට ඇඳුම් පිළිබඳ සිදුවීම කාන්තාවන්ට එරෙහි යැයි කියනු ලබන යුද අපරාධ සමඟ සැසඳෙන්නේ නැති බවයි.

නමුත් නීති විශාරදයින් පවසන්නේ ඔවුන් යුධ සමයේදී සිවිල් වැසියන්ට විශේෂයෙන් කාන්තාවන්ට සැලකීම සහ අයිතිවාසිකම් පිළිබඳ වන සිව්වන ජිනීවා සම්මුතියේ 27 වන වගන්තිය කඩ කර ඇති බවයි.

එම 27 වැනි වගන්තියේ හි දැක්වෙන්නේ සිවිල් වැසියන්ට ඔවුන්ගේ ගෞරවය, පවුල් අයිතිවාසිකම්, පුරුදු සහ සිරිත් විරිත්වලට ගරු කිරීමට හිමිකම් ඇති අතර, අපහාස හා මහජන කුතුහලයෙන් ආරක්ෂා විය යුතු බවත්, ඔවුන්ගේ ගෞරවයට එල්ල වන ඕනෑම ප්‍රහාරයකින් කාන්තාවන් විශේෂයෙන් ආරක්ෂා කළ යුතු බවත් ය.

කෙසේ වෙතත් ඊශ්‍රායලය තුළ මෙම යට ඇඳුම් සමාජ මාධ්‍යයන් හි පළකිරීම කෙරෙහි එතරම් අවධානයක් යොමු වී නොමැති බව ඊශ්‍රායල මාධ්‍ය ආවරණය කරන වෙබ් අඩවියක් වන “සෙවන්ත් අයි” දක්වා තිබෙනවා.

මෙයට හාත්පසින්ම වෙනස් අදහස් දරන එහි දැක්වෙන්නේ ගාසා තීරයේ නිවෙස්වලින් සොයාගත් බව පැවසෙන ආයුධ සහ හමාස් ධජ පෙන්වන පල කිරීම් වඩාත් පුළුල් ලෙස සංසරණය වෙමින් පවතින බවයි.

Violating intimacies – Mondoweiss

Jackson Hinkle 🇺🇸 on X: "🚨🇮🇱 Why are ISRAELI soldiers OBSESSED with  the underwear of the Palestinian women they've killed?  https://t.co/UmUCbzJaxl" / X

 

Share This