පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා අද (08) ඉල්ලා අස්විය.

සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉවත් වන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මීට සතියකට පමණ පෙර දැනුම් දී තිබුණි.

වර්තමාන සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය වසර ගණනාවක සිටම එම තනතුරු වල කටයුතු කරන අතර එම අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කර නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කිරීමටයි, අමාත්‍යවරයා තීරණය කර තිබුණේ.

Share This