රනිල් – බැසිල් අතර සාකච්ඡාවක්

රනිල් – බැසිල් අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති නිවසේදී ඊයේ (7) රාත්‍රීයේ සිදු වී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම හමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබේ.

අනාගත දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදුවී ඇති අතර තවත් ඉදිරි සාකච්ඡාවක් සඳහා ද මෙහිදී දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Share This