සේනක බටගොඩට එරෙහි ගීත වාරණය දීර්ඝ කෙරේ

සේනක බටගොඩට එරෙහි ගීත වාරණය දීර්ඝ කෙරේ

කොළඹ වානිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7ක් ගායනා කිරිම වාරණය කරමින් නිකුත් කර තිබු වාරණ ආඥාව, එම නඩුව අද දින කැදවීමෙන් අනතුරුව නැවතත් 2024/6/18 දින දක්වා දීර්ඝ කරනු ලැබීය

“අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය ගරු අධිකරණය විසින් වාරණය කරන ලද ගීත අතරට ඇතුලත් වෙයි.

එකී ගීත වල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක යන අය විසින් මෙම නඩුව සේනක බටගොඩ යන අයට එරෙහිව ගොනු කරමින් වාරණ ආඥාවක් ලබා ගනු ලැබීය

නැවත මෙම නඩුව 2024/6/18 දිනැතිව කැදවීමට ගරු වානිජ මහාධිකරණය නියෝග කර ති‌බෙයි

පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තිලිණි හේවාවිතාරණ මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටියහ.

Share This