web hit counter
හෙද සම්මුඛ පරීක්ෂණ ගැන දනුම් දීමක්

හෙද සම්මුඛ පරීක්ෂණ ගැන දනුම් දීමක්

හෙද පුහුණුවට බඳවාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ලබන ජනවාරි මස 13 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කර තිබේ.

මෙරට රජයේ රෝහල්වල රෝගී සත්කාර හා ප්‍රතිකාර සේවා වන් වඩාත් ගුණාත්මකව හා විධිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාමට මානව සම්පත සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රමවේදයන් පිළිබඳ සොයා බැලීම උදෙසා විශේෂ සාකච්ජාවක් පසුගියදා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත් විණි.

මෙහිදී හෙද කාර්ය මණ්ඩල ධාරිතාවය වැඩි කිරීම සඳහා අයදුම්පත් යොමු කළ හෙද අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණ කඩිනමින් පවත්වා ඔවුන් හෙද පුහුණුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව 2019/2020 අ.පො.ස. උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ වලින් සමත්වී හෙද පුහුණුව සඳහා අයදුම් කළ පිරිස උදෙසා සිසු හෙද පුහුණුවට තෝරා ගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2024 ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි මස 18 වැනිදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සලසුම් කර ඇත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )