පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේදී නව නීති

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේදී නව නීති

ලබන වසරේ (2024) පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා සකස් කළ නව රෙගුලාසි හෙට (12 වැනිදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

ඉතිහාසයේ ප්‍රථම වරට ආබාධිත දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අදාළ විධිවිධානද මෙවර චක්‍රලේඛයට ඇතුළත් කර තිබේ.

එම දරුවන් වෙනුවෙන් සියයට තුනක ප්‍රතිශතයක් වෙන් කිරීමට යෝජනා වී තිබුණ ද නිශ්චිත ප්‍රතිශතයක් වෙන් කිරීමකින් තොරව එවැනි දරුවන් ඇතුළත් කිරීම සඳහා චක්‍රලේඛයෙන් විධිවිධාන සලසා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

කැබිනට් මණ්ඩල අනුමැතිය ලද වහාම පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා අයැදුම්පත් කැඳවන බවත් මාසයක කාලයක් ඒ සඳහා ලැබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සාමාන්‍යයෙන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ අයැදුම්පත් කැඳවෙන්නේ ජුනි මස පළමු සතියේය. ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම අවම වශයෙන් පෙබරවාරි මාසය දක්වා වත් කල් යන හෙයින් අයැදුම්පත් කැඳවීම ප්‍රමාද වීම ගැටලුවක් නොවන බවත් අමාත්‍යාංශය පවසයි.

Share This