හොර අටපිරිකර තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

හොර අටපිරිකර තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු කතරගම පොලිසිය හා මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන් විසින් අද (14) පෙරවරුවේ කතරගම පුදබිමේදි අත්අඩංගුවට ගෙන තිබේ.

එම ජවාරම හෙළි වී තිබෙන්නේ පුද්ගලයෙකු විසින් කතරගම පුදබිමේ පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සදහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර150ක් පරීක්ෂා කිරීමේදීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම,අටළුගම,ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලාන්තරයක සිට කතරගම හා අවට ප්‍රදේවලට මෙලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අටපිරිකර තොග වශයෙන් බැතුමතුන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව මුලික විමර්ශන වලදි අනාවරණය වි තිබේ.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.

එහිදී සැකකරුවන් කතරගම පුදබිමේ පැවැත්වෙන පිංකමක් සඳහා අටපිරිකර රැගෙන එමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයද එම ස්ථානයට පැමිණි අතර එහිදී උන්වහන්සේලාද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් වහන්සේ මෙලෙස පැවසූහ.