ජංගම දුරකතන හා උපාංග මිල පහළ යන හැටි

ජංගම දුරකතන හා උපාංග මිල පහළ යන හැටි

ජංගම දුරකතන හා උපාංග මිල ගණන් 20% කින් පහළ දැමීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයනකරුවන්ගේ හා අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සමිත් සෙනරත් මහතා පැවසුවේ, ඩොලරය පහළ යාමට සාපේක්ෂව මෙම තීරණය ගත් බවයි.

“හැමෝම දන්නවා දැන් ඩොලරය අඩුවෙලා තියෙනවා. ඉතින් අපි සියයට 20කින් ජංගම දුරකථන සහ ඒ හා සම්බන්ධ උපාංගවල මිල අඩුකරන්න තීරණය කළා,”

“මොකද අපි ජනතාව පිටට බර දැම්මා වගේම තමයි, ජනතාවට දීපු බර ඩොලර් එක අඩුවෙද්දී අඩුකරන්න ඕන. එහෙම නැත්නම් ඒක අයථා ව්‍යාපාරයක් වෙනවා. “

“යාපනයේ ඉඳලා මාතර දක්වා සැළකිය යුතු සාමාජිකයින් පිරිසක් ඉන්නවා. ඒ හැමෝම ඒකමතිකව තීරණය කරලා තියෙනවා මේ මිල අඩුකිරීමට.”

Share This