ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එමෙන්ම බදුල්ල, කොළඹ, ගම්පහ, හම්බන්තොට, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද (09) පස්වරු 3.00 දක්වා බලපැවැත්වෙනු ඇති.

Share This