පාසල් ක්‍රීඩා උත්සව වලට තහනමක්

පාසල් ක්‍රීඩා උත්සව වලට තහනමක්

පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ පිළිබඳව සියලුම විදුහල්පතිවරු දැනුවත් කළ බවයි, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ.

ඒ අනුව එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම ක්‍රීඩා උත්සව පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

එම උපදෙස් නොතකමින් කටයුතු කරන ඇතැම් පාසල් බලධාරීන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ පාසල් දරුවන් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ලෙසයි.