පේරාදෙණියේ මාරක බස් අනතුරක් – අයෙක් මරුට – 37 ක් රෝහලට

පේරාදෙණියේ මාරක බස් අනතුරක් – අයෙක් මරුට – 37 ක් රෝහලට

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් ඊයේ (16) පස්වරුවේදී අනතුරට ලක්ව තිබේ.

එම අනතුරින් රියැදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලීසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ, පහළගෙදර සුගතපාල (79) නැමැති පූඩලුඔය හාල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය පැවසුවේ, පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.

බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් බස් රථය ගසක ගැටී එම අනතුර සිදුව තිබුණි.

අනතුරින් රියදුරු ඇතුළු 38 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබුණි.

තුවාල ලැබූවන්ගෙන් 35 දෙනෙකු මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු මහනුවර ජාතික රෝහල වෙත මාරුකරු යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.