මිරිස්ස වෙරළේදී සංචාරක ව්‍යාපාරිකයක් තියුණු ආයුධ පහරකින් මරුට

මිරිස්ස වෙරළේදී සංචාරක ව්‍යාපාරිකයක් තියුණු ආයුධ පහරකින් මරුට

වැලිගම පොලිස් වසමේ මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී සංචාරක ව්‍යාපාරිකයෙකු (16) දින පෙරවරුවේදී ඝාතනය කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි .

මිරිස්ස සීක්‍රටි බිච් හෝටලය අසල වෙරළ තිරයේ බිම් කොටසක් සම්බන්ධව ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසු එම ප්‍රදේශයේම පදිංචි තවත් සංචාරක ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුත්‍රයකු විසින් සංචාරක ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි පොලිසිය කියයි .

එම පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේ මියගොස් ඇත්තේ මිරිස්ස පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හැන්නදිගේ සුරංග නොහොත් බාල සුරංග නැමැති වයස 38 වන පුද්ගලයකු බව සදහන් මියගිය සංචාරක ව්‍යාපාරකයාට තියුණු ආයුධයකින් පහර දුන් බව කියන චන්ඩි සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ මෙහෙයවති

Share This