උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ඔහිය සහ ඉඳල්ගස්හින්න අතර ප්‍රදේශයේදී පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ නැවැත්වීමට පියවර ගෙන ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බදුල්ලේ සිට කොළඹ බලා ධාවන වූ උඩරට මැණකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නැවැත්වීමට සැලසුම් කර තිබේ‍.

උඩරට දුම්රිය මාර්ගය යථාතත්වයට පත්කිරීම සඳහා පැය 03ක පමණ කාලයක් ගතවනු ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.