බලන්ගොඩදී ගිලන් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී පාසල් ළමුන් 3ක් ඇතුළු 6ක් රෝහලට

බලන්ගොඩදී ගිලන් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී පාසල් ළමුන් 3ක් ඇතුළු 6ක් රෝහලට

බලන්ගොඩ ඕපනායක උඩවෙල ප්‍රදේශයේදී යුද්ධ හමුදා ගිලන් රථයක් සහ වෑන් රථයක් එකිනෙකට ගැටීමෙන් අද (20) සිදු වු අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පවසයි.

දියතලාව යුද්ධ හමුදා කදවුරට අයත් ගිලන් රථයක් සහ වෑන් රථයක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඕපනායක උඩවෙල ප්‍රදේශයේදි මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුරින් යුද්ධ හමුදා ගිලන් රථයේ රියදුරුද තුවාල ලබා ඇති අතර වෑන් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බැවින් රත්නපුර මහා රෝහල වෙත මාරැ කර යවා ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලිසියේ රථවාහන අංශයේ නිළධාරිහු විසින් පරික්ෂණ සිදු කරයි.

Share This