යුක්තියේ මෙහෙයුමට අද සිට ත්‍රිවිධ හමුදාව එක්වෙයි

යුක්තියේ මෙහෙයුමට අද සිට ත්‍රිවිධ හමුදාව එක්වෙයි

“යුක්තිය” අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුම මගින් ගතවූ කාලය තුළ රුපියල් ලක්ෂ අසූ පන් දහසකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය .

මෙම මෙහෙයුම මගින් සැකකරුවන් 68,577 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි, මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම මෙහෙයුම හරහා නීති විරෝධීව ඉපැයූ රුපියල් මිලියන 725 කට වැඩි වත්කම් පොලිසිය භාරයට ගෙන ඇතැයිද ඔහු පැවසුවේ ය.

යුක්තිය මෙහෙයුම අද සිට තවදුරටත් ශක්තිමත් කිරිමට පියවර ගෙන ඇති අතර “යුක්තිය” මෙහෙයුම අධීක්ෂණය සඳහා අද සිට කොට්ඨාස 45 ක් සඳහා නිලධාරින් අනියුක්ත කෙරෙන බවයි, මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකාය ද මෙහෙයුම් සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

Share This