පාසල් නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක්

පාසල් නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක්

දීර්ඝ සති අන්තය සහ පාසල් නිවාඩුව මෙන්ම උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය ගමනාගමන අධිකාරියේ එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේය.

එසේම කන්කසන්තුරය හා අනුරාධපුරය දක්වා ගමන් කරන මගීන් සඳහාත් විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කිරීමට නියමිතය.