ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය ඇරඹෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය ඇරඹෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය දින හතරක සටන් විරාමයක් සඳහා එකඟත්වකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා මැදිහත්කාර පාර්ශවය ලෙස කටයුතු කර ඇති කටාර් රාජ්‍යය පවසා ඇත්තේ, මෙම තාවකාලික සටන් විරාමය එරට වේලාවෙන් අද (24) උදෑසන 7:00ට ආරම්භ වන බවත් හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 13 දෙනෙකු පළමුවෙන් නිදහස් කිරීමට නියමිත බවත්ය.

මෙම ගිවිසුමට අනුව ඉදිරි දින හතර තුළ හමාස් සංවිධානය ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීමට නියමිත අතර ඊශ්‍රායලය රඳවා ගෙන සිටින පලස්තීන සිරකරුවන් 150 දෙනෙකු නිදහස් කිරීමට එකඟ වී ඇති බව සඳහන්.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මුල්වරට දින හතරක සටන් විරාමයක් සඳහා එකඟතාවකට පැමිණ ඇත්තේ, මෙම ගැටුම් ආරම්භ වී සති 7කට පමණ පසුවය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් මිය ගොස් ඇති අතර හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස පුද්ගලයන් 240 දෙනෙකු රඳවා ගෙන සිටින බව ය.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් 14,000කට අධික පුද්ගලයන් පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබේ.

Share This