තවත් පාසලක තාප්පයක් සිසුන් මතට කඩා වැටෙයි

තවත් පාසලක තාප්පයක් සිසුන් මතට කඩා වැටෙයි

හලාවත අඹකඳවිල ශාන්ත රෝගුස් කණිෂ්ඨ විද්‍යාල භූමියේ තාප්පයක කොටසක් කඩා වැටීමෙන් එයට යටවී තුවාල ලැබූ පාසල් සිසුන් දෙදෙනෙකු අතරින් එක් සිසුවෙක් ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුල් කර තිබේ.

ඊයේ (12) පෙරවරුවේ මෙම තාප්පයේ කොටසක් කඩාවැටීම සිදුවී ඇති අතර එයට යටවීමෙන් තුවාල ලබා මෙසේ රෝහල් ගතකර ඇත්තේ, එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පැතුම් විදර්ශන නමැති16 හැවිරිදි සිසුවෙකි.

කඩා වැටුන තාප්ප කොටසට යටවීමෙන් සුළු තුවාල සිදුවී ඇත්තේ, එම විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනුර මහේෂ් නම් සිසුවාටයි.

එම සිසුන් දෙදෙනා තාප්පයට සවිකර තිබූ ගේට්ටුවක් වැසීමට උත්සාහ කළ අවස්ථවේ තාප්පයේ කොටසක් කඩාවැටී එයට යටවීමෙන් ඔවුන් දෙදෙනාට මෙසේ තුවාල සිදුවී ඇති බව මේ පිළිබඳ කළ පරීක්ෂණවලදී හෙලිවී ඇත.

Share This