දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලිපැනීමට ලක්වී තිබේ.

අද (23) උදෑසන මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එලෙස පීලිපැනීමට ලක්වී ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබේ.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන උඩරට මැණිකේ දුම්රියේ සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියේ මගීන්, අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේදී දුම්රිය දෙකට මාරු කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.