පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වෙයි

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වෙයි

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වී තිබෙනවා.

ඒ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ඉංජිනේරු සහ බැංකු ඇතුලු වෘත්තීය සංගම් කිහිපයක් පොල්දූව මංසන්ධියෙන් විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟයි.

ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

මෙහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

Share This