දේවගැති ජෙරම්ට අද අධිකරණය දුන් නියෝගය

දේවගැති ජෙරම්ට අද අධිකරණය දුන් නියෝගය

ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත්කිරීම සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙම මස 27 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13) නියෝග කළේය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය දෙසැම්බර් 01 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී අද දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමටයි, නියෝග කරනු ලැබුවේ.

Share This