පාසල් අධ්‍යයන කාලය වසරකින් අඩු කරන්න යයි

පාසල් අධ්‍යයන කාලය වසරකින් අඩු කරන්න යයි

රජයේ පාසල්වල අධ්‍යාපන ශ්‍රේණි සංඛ්‍යාව 12 දක්වා අඩු කර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියට සහ උසස් පෙළ විභාගය 12 වැනි ශ්‍රේණියට ගෙන ඒමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමත්‍යාංශය පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව දරුවකුගේ පාසල් අධ්‍යාපන වයස අවුරුදු 17 දී අවසන් වන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පාසල පාදක කරගත් ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක සහ විභාගයෙන් යම් ප්‍රතිශතයක් ලෙස ලකුණු දීමේ ක්‍රමවේදයකට ගෙන එමින් ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරීත්වය අවම කිරීමට ද යෝජනා කර ඇත.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමට සහ එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට නියමිතය.