ජපාන විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට

ජපාන විදේශ ඇමති හෙට ශ්‍රී ලංකාවට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා දෙදින නිල සංචාරයකක් සඳහා හෙට (28) දිවයිනට පැමිණීමට නියමිතයි.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සමග 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණෙන බවයි , විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ .

ජපාන ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකමී මනබූ, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා ද සංචාරයට එක්වනු ඇත.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතයි.

එම පිරිස ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණයට ද එක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.