සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

එළඹෙන උත්සව සමය අරමුණු කර ගනිමින් ලංකා සතොස ආයතනය මගින් ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

එම භාණ්ඩ ලැයිස්තුව පහතින්,

ඉහත මිල ගණන් යටතේ රට පුරා ඇති සියලුම සතොස ශාඛාවන් මගින් පාරිභෝගිකයින්ට අද සිට එම භාණ්ඩ මිලදී ගත හැකිය.

මීට අමතරව උත්සව සමය වෙනුවෙන් වෙළෙදපොළ වටිනාකම රු. 4,500ක් වූ ග්‍රොසරි භාණ්ඩ ඇතුළත් “අවුරුදු වාසි මල්ල” රු. 3,480ක මුදලකට සියලුම සතොස අලෙවිසැල් තුළින් මිලදී ගැනීමට කටයුතු සලසා ඇත.

එම බඩු මල්ලේ අන්තර්ගත වන භාණ්ඩ ලැයිස්තුව පහතින්,

නූඩ්ල්ස් පැකැට්ටුවක් (400g)

සුදු කැකුළු ඉදිආප්ප පිටි පැකට්ටුවක් (700g)

පපඩම් (60g)

විනාකිරි බෝතලයක් (350ml)

ක්‍රීම් කැකර් බිස්කට් පැකැට්ටුවක් (500g)

සෝයා මීට පැකට්ටුවක් (90g)

කිරි පිටි පැකට්ටුවක් (400g)

තේ කොළ පැකැට්ටුවක් (100g)

සැමන් ටින් මාළු (425g)

සුදු කැකුළු (2kg)

පරිප්පු (500g)