මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං සමග කටුනායකදී මාට්ටු

මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං සමග කටුනායකදී මාට්ටු

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං කිලෝ තුන හමාරක් සමග කටුනායක ගුවන්තොටුපළේ දී අද (23) රේගු භාරයට ගෙන තිබේ.

මැදපෙරදිග සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරයා ප්‍රභූ වරප්‍රසාද භාවිතාකර නීති විරෝධීව මෙම රත්තරන් තොගය රට තුළට රැගෙන ඒමට උත්සාහ කර තිබේ.

ඔහු සන්තකයේ තිබී කිලෝ දෙකහමාරක රත්‍රං බිස්කට් සහ කිලෝවක රන් ආභරණ හසුව ඇත.

මේ වනවිට ඔහුව රේගුව මඟින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Share This