සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් 50 ක් මරුට

සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරලීයාමෙන් 50 ක් මරුට

ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්ත වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී රෝහින්ග්‍යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීයාමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තිබේ.

එහිදී අවට සිටි ධීවරයින් අනතුරට පත් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු බේරාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරට ලක්වන අවස්ථාවේ අදාළ යාත්‍රාවේ සරණාගතයින් 150 ක් පමණ ගමන් කරමින් සිටි බවයි.

ධීවරයන් ජංගම දුරකථන වලින් පටිගත කල දර්ශන මේ වන විට එරට සමාජ මාධ්‍ය වල සංසරණය වේ.

කෙසේ වෙතත් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි සඳහන් වන්නේ.