සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබේ.

සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල් වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි, එම ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රු. 6කින්, කඩල කිලෝවක මිල රුපියල් 6කින්, පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින්, රතු කැකුළු කිලෝවක් රුපියල් 3කින් අඩු කර තිබේ.

එම භාණ්ඩ වල නව මිල ගණන් පහතින්.

සම්බා සහල් කිලෝවක මිල රුපියල් 222යි.

කඩල කිලෝවක මිල රුපියල් රුපියල් 549යි.

පරිප්පු කිලෝවක මිල රුපියල් 295යි.

රතු කැකුළු කිලෝවක් රුපියල් 169යි.

Share This