කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

ව්‍යාජ ලේඛණ සැකසීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුලු සැකකරුවන් දෙදෙනා නොවැම්බර් මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (25) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියව පසුගිය ඔක්තෝබර් 13 වන දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කරමින් ආගමන විගමන පාලකයවරයාට අත්තනෝමතික ලෙස ලිපියක් යොමු කිරීම සහ අදාළ නඩු ගොනුව අස්ථානගත කිරීම හේතුවෙනි.