ගණේමුල්ල සංජීව ගැන අධිකරණයෙන් නියෝගයක්

ගණේමුල්ල සංජීව ගැන අධිකරණයෙන් නියෝගයක්

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව මේ මස 24 වන දා දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය අද (10) නියෝග කළාය.

ගණේමුල්ලේ සංජීව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ දක්වා රඳවා සිටියේ වීරගුල පොලිසිය භාරවයි.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට මෙම සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි.

පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ ගණේමුල්ලේ සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පසුව පොලීසිය අවසර ලබාගත්තේය.

 

 

Share This