බිත්තියකට යටවී බිළිදෙක් ජීවිතක්ෂයට

බිත්තියකට යටවී බිළිදෙක් ජීවිතක්ෂයට

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක බිත්ති කොටසක් කඩා වැටී මාස 02ක් වයසැති බිළිදෙකු මියගොස් තිබේ.

නිවසේ සාලයෙහි බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් බිලිඳාගේ සිරුර මතට කඩා වැටී ඇති අතර තුවාල ලැබූ බිළිඳා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි ඕමන්ත පොලීසිය පැවසුවේ.