ආන්නද සංගරීගේ පුත්‍රයාට කැනඩාවේ අමාත්‍ය ධූරයක්

ආන්නද සංගරීගේ පුත්‍රයාට කැනඩාවේ අමාත්‍ය ධූරයක්

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආන්නද සංගරී මහතාගේ දෙවැනි පුතණුවන් කැනඩාවේ ආදී වාසී සබදතා කටයුතු පිළිබදව වූ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කොට තිබේ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගැරී ආනන්ද සංගරී මහතා අමාත්‍යවරයකු ලෙස පත් කර ඇත.

ඔහු ප්‍රථම වරට 2015 වසරේදී මන්ත්‍රීවරයකු ලෙස කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

කේරී ආනන්දසංගරී මහතා වයස අවුරුදු 10 යේදී තම මව සමඟ 1983 වර්ෂයේදී කැනඩාවට සංක්‍රමණය වූ අයෙකි.

නව අමාත්‍යධුරය යටතේ ස්වදේශික ඉන්දියානුවන් සම්බන්ධයෙන් වන ඉන්දීය පනත සහ අනිකුත් පනත් බලාත්මක කිරීමේ වගකීම ගැරී ආනන්දසංගරී මහතාට පැවරෙනු ඇත.

 

Share This