වන අලින්ට කෑම දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

වන අලින්ට කෑම දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එය වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය වරදක් වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහමාර්ගවල ගමන් ගන්නා වාහන මඟින් මාර්ගය දෙපස ගැවසෙන වන අලින් සඳහා ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ හේතුවෙන් එම මාර්ගවල ගමන් ගන්නා වාහන වලට බාධා කරමින් වන අලින් ආහාර ලබාගැනීමේ පිළිබඳව සිදුවිම් පසුගිය කාලය තුළ බහුලව දක්නට ලැබුණා.

එබැවින් කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහ මාර්ගවල ගමන්ගන්නා අවස්ථාවල දී වන සතුන්ට ආහාර ලබාදීමෙන් වැලකී සිටින ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Share This