කෝටි 4කට අධික වටිනා රත්තරන් ජෙල් සමග අයෙක් කටුනායකදී අල්ලයි

කෝටි 4කට අධික වටිනා රත්තරන් ජෙල් සමග අයෙක් කටුනායකදී අල්ලයි

රුපියල් කෝටි 4කට අධික වටිනාකමින් යුත් රත්තරන් ජෙල් තොගයක් සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

රන් ජෙල් තොගයේ සම්පූර්ණ බර කිලෝ එකයි ග්‍රෑම් 975 ක් බවත් සැකකරු රත්තරන් තොගය සිය පාවහන් සහ යට ඇඳුම්වල පාර්සල් තුන බැගින් සඟවා ගෙන පැමිණි බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මගීයා අත්අඩංගුවට ගත් බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.