යතුරු පැදි අනතුරින් සිසුන් දෙදෙනෙකු මරුට

යතුරු පැදි අනතුරින් සිසුන් දෙදෙනෙකු මරුට

පාසල් සිසුන් දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් අද සවස 2.30ට පමණ තඹගල්ල වැව ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටීමෙන් එම සිසුන් දෙදෙනාම මියගිය බව මාදම්පේ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, මාදම්පේ, තඹගල්ල ප්‍රදේශයේ පදිංචි තරුෂ සංදීප සහ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි සස්මිත ඒෂාන් රණවීර නැමැති පාසල් සිසුන් දෙදෙනෙකි.

මාරක අනතුරින් මිය ගිය සිසුන් දෙදෙනා 16 හැවිරිදි වියේ පසුවන බවත් දෙදෙනාම ඥාතීන් බවද පොලීසිය කියයි.

 

Share This