ලාංකික කතුන් 3ක් රවටා මුදල් ගැරූ නයිජීරියානුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ලාංකික කතුන් 3ක් රවටා මුදල් ගැරූ නයිජීරියානුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් කාන්තාවන් තිදෙනකු රවටා ඔවුන් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ. නයිජීරියානු ජාතිකයන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා අලුත්ගම හෝටලයක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මෙම වංචාව සිදු කර ඇති බවත්, තවත් කාන්තාවකට මෝටර් රථයක් දිනුම් ඇදී ඇති බවට පවසමින්, රථයේ ලිය කියවිලි භාරදීමට අවශ්‍ය බව පවසා මුදල් වංචා කර ඇති බවද පොලිසිය කියයි.

අවස්ථා තුනකදී මෙම වංචාව සිදු කර ඇති අතර කාන්තාවන් මේ සම්බන්ධයෙන්ම කළ පැමිණිලි මත විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ ඒ.ටී.එම් කාඩ්පත් 14, ජංගම දුරකථන 6 තිබී ඇත.