අකුරැස්සේ ප්‍රදේශයකට යළි දැනුම්දෙන තුරු ඇතුළුවීම තහනම්

අකුරැස්සේ ප්‍රදේශයකට යළි දැනුම්දෙන තුරු ඇතුළුවීම තහනම්

නායයාමට ලක් වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, තැන්පිටහේන කන්ද ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

ඒ විශේෂඥ කණ්ඩායම්ව ල පරීක්ෂාවෙන් අනතුරුවයි.

එමෙන්ම එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

එම කන්දේ ඉහළ කොටසේ පසුගිය 03 වැනි දින සිදු වූ සුළු නායයාමත් සමඟ එහි උච්චතම අවස්ථාව පෙරේදා (05) සවස වාර්තා වූ අතර, ඉන්පසු එදින රාත්‍රියේත්, ඊයේ (06) උදේ සහ දහවල් කාලයේත් අවස්ථා කිහිපයකදී කන්ද නායයාමට ලක්ව තිබුණා.

කන්ද නායයෑම ආරම්භ වීමත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරිය හා පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ අංශ දැනුම්වත් කර ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ විශේෂඥ කණ්ඩායම් මඟින් පරීක්ෂාවක් සිදු කර කඳු පාමුල සිටි අවදානම් පවුල් සියල්ල ඊයේ සවස් වන විට එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණා.

එම පවුල් සියල්ලම මේ වනවිට දියලපේ කණිටු විදුහලේ සුරක්ෂිතව සිටින අතර, පහසුකම් සියල්ල රජය මඟින් ලබාදෙමින් තිබෙනවා.