ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සදහා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල සැපයුම අද (09) පෙරවරු 9:00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයකට අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.

අළුත්ගම, මතුගම, අගලවත්ත, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගානගරය පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශයන්ට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

Share This