පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයේ නිවසක තිබී ගෙල වැලලාගෙන මියගිය බවට සැකකෙරෙන පාසැල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි වයස අවුරුදු 16ක් වන පාසල් සිසුවෙකි.

ඔහු වීරසේකරගම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )