74 දෙනෙකු සමග රුසියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි

74 දෙනෙකු සමග රුසියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි

රුසියානු හමුදා ප්‍රවාහන ගුවන් යානයක් යුක්රේන දේශසීමාව ආසන්නයේ දකුණු බෙල්ගොරොඩ් ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හුවමාරු කර ගැනීම සඳහා යුක්රේන යුද සිරකරුවන් 65 දෙනෙකු රැගෙන යමින් තිබූ යානයක් මෙලෙස කඩා වැටී ඇති බවයි.

එම අවස්ථාවේ යුද සිරකරුවන්ට අමතරව යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සහ තවත් 3 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සියලු දෙනාම මිය යන්නට ඇති බවටයි සැක කරන්නේ.

Ukrainska Pravda වෙබ් අඩවිය උපුටා දක්වන යුක්රේනයේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය පැවසුවේ, මෙම යානය රුසියාවේ S-300 ගුවන් ආරක්ෂක පද්ධති සඳහා මිසයිල ප්‍රවාහනය කරමින් සිටි බවයි.

 

Share This