සමෘද්ධියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සමෘද්ධියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කෙරුණු සී.ඩී.කළුආරච්චි මහතා සෙත්සිරිපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේදී ඊයේ පෙරවරුවේ වැඩ බාර ගත්තේය.

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන්ද ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු වශයෙන්ද ග්‍රාම ශක්ති වැඩසටහනේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සමාජ සංවර්ධන) වශයෙන් හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වශයෙන්ද මෙයට පෙර කටයුතු කළ කළුආරච්චි මහතා පරිපාලන සේවයේ අත්දැකීම් රැසක් ඇති නිලධාරියෙකි.

ඔහු කළුබෝවිල මහා විද්‍යාලය, වත්තේගම මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලයන්හි ආදි ශිෂ්‍යයකු වන අතර කොළඹ සහ කැලණිය විශ්ව විද්‍යාලවලින් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා මහත්මිය ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.

Share This