සිම්බාබ්වේ – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (06) ආරම්භ වීමට නියමිත ව තිබේ.

පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.

එක් දින තරග 03කින් සහ 20-20 තරග 03කින් මෙම තරඟාවලිය සමන්විත වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ලබන අතර, සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවන්නේ, ක්‍රෙග් අර්වින් විසිනි.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලිය අහිමි වී තිබේ.

Share This