කොමිෂන් සභා දෙකකට සාමාජිකයන් පත් කෙරේ

කොමිෂන් සභා දෙකකට සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මිය පත් කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී.ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු, ඒ.ජි. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරු පත් කර සිටිති.

සුමිත් අබේසිංහ මහතා මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර, තුවාන් නලින් ඔසේන් සහ මායන් වාමදේවන් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

Share This